tag:blogger.com,1999:blog-7978927807262919411.post5742591791602264366..comments2024-03-02T03:56:19.968-08:00Comments on නීල නිම්නය: අසම්මතයේ පිපුණු මල්නීල නිම්නයhttp://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7978927807262919411.post-51767452574871542612018-04-06T03:54:08.468-07:002018-04-06T03:54:08.468-07:00ඇත්තෙන් ම ඔව්. මෙය ලිංගිකත්වය පමණක් නොව, වයස, සමාජ...ඇත්තෙන් ම ඔව්. මෙය ලිංගිකත්වය පමණක් නොව, වයස, සමාජ තත්ත්වය,ඥාතිත්වය ආදි අනෙකුත් ඕනෑ ම අසම්මතයන් සම්බන්ධවත් අර්ථ දැක්විය හැකියි. පද රචිකාවිය අදහස් කරන්නට ඇත්තේ එබඳු වෙනත් අසම්මතයක් විය යුතුයි. මා කියන්නේ මෙය ලිංගික අසම්මතය හා අපූරුවට අර්ථ දැක්වෙන බව පමණයි. ඇත්තෙන් ම මේ ලිපියේදී මගේ අදහස වූයේ හුදෙක් මේ ගීතය ගැන රස භාව විවරණයක යෙදීම ම නොවෙයි. අහම්බයකින් හමු වූ ජන කවි එකතුවක් නිරීක්ෂණය කිරීමේ දී සමරිසීන්ගේ අදහස් උදහස් ද සඳහන් වන ජනකවි කාණ්ඩයක් ද දැක ගත හැකි වූයෙන් එවැනි සාහිත්‍යාංගයක් ද පැවත ඇති බව, කියවන සමාජය අතරේ බෙදා හදා ගැනීමයි.

අප වටහා ගන්නා අරුත හැරුණු විට සමරිසි අර්ථ දැක්වීම් ඉදිරිපත් වී ඇති තවත් ගීත ත් මා අසා තිබෙනවා.

එසේ ම බාහිර අර්ථය හැරුණුු විිට වෙනත් අර්ථ දැක්වීම් ( ලිංගික නොවන) සහිත ගීත අතරට රන්බණ්ඩා සෙනෙවිරත්න ශූරීන් ලියූ දවසක් පැළ නැති හේනේ ගිතය පවා ඇතුලත්. ඒ අනෙක් අර්ථ සඳහාත් එය කදිමට ගැලපෙනවා. මා සිතන්නේ, එක් අතකින් එය නිර්මාණ ශිල්පියාගේ ප්‍රතිභාව බවයි.

එසේ ම, අප මහත් සේ රස විඳින සමහර ගීත වලින් කියැවෙන සැබෑ කතාව වැටහෙන්නේ නිර්මාණ ශිල්පියා විසින් එය බාහිර වශයෙන් සඳහන් කළ විට දී පමණයි. රන්බණ්ඩා සෙනෙවිරත්න ශූරීන් ම ලියූ "උල ලේනෝ" ගීතයේ සැබෑ කතාව මා ද දැන ගත්තේ එක් දිනක් එතුමා විසින් ම එය පැහැදිළි කළ පසුයි. එහෙත් එය දැන ගැනීම හෝ පෙරදී එය නොදැන සිටීම යන කරුණු මත මා ඒ ගීතයෙන් හැම දාමත් ලැබූ එස වින්දනය වෙනස් වූයේ නැහැ.

ඒ නිසා විවිධ අර්ථ දැක්වීම සමාජගත වීම මත, නිර්මාණයක් වඩා කතා බහට ලක් වීම, වඩා ප්‍රසිද්ධියට පත්වීම සිදු වනවා මිස ඊට හානියක් වේ යයි මා සිතන්නේ නැහැ.නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-7978927807262919411.post-17921137218468880102018-04-05T20:26:46.754-07:002018-04-05T20:26:46.754-07:00ගීතයක් අර්ථදැක්වීම පුද්ගලානුබද්ධ බව පිලිගන්නවා. නම...ගීතයක් අර්ථදැක්වීම පුද්ගලානුබද්ධ බව පිලිගන්නවා. නමුත් අර්ථය විකෘති වීමෙන් රස විඳීමේ බාධාවක් සහ අදහස සම්ප්‍රේෂණය වීමේ දුර්වලතාවයක් ඇතිවෙන්න පුළුවන්.

ගීතයක් විතරක් නෙවෙයි, ඕනෑම නිර්මාණයක් යලි අර්ථ දැක්වීමේදී රචකයාගේ අදහස අතික්‍රමණය වෙන්න තියෙන ඉඩ වැඩියි. එවිට එහි නිර්මාපකයාත් මෙතෙක් එය වෙනස් විදියට රසවිඳි අයත් සෙලවෙනවා. එය වරදක් නොවේ කියා පිලිගන්නවා. මේ ගීතයේ තියෙන්නේ කාටවත් වැටහෙන්නේ නැති ප්‍රේමනීය හැගීමක් ගැන. එතැනදී කාටවත් තේරෙන්නේ නැහැ කියන එක තමයි ඔබ අල්ලා ගන්නේ. නමුත් හිතන්න ඉතාම වැඩිහිටි පිරිමියෙක්, තමන්ට වඩා ගොඩක් බාල තරුනියෙක්ට ප්‍රේමෙන් බැඳුනොත් - එයත් කාටවත් වැටහෙන්නේ නැති එකක් වෙනවා නේද? නැතිනම් විවාහක දෙදෙනෙක් හෝ වයසින් මුහුකුරාගිය ගැහැණියකට පෙමින් බැඳෙන තරුණයෙක්?? මේ ඔක්කොම 'ලොවට නොහැඟෙන ප්‍රේම ' තමයි. සමරිසි කියා හිතන්න බැහැනේ!

එතැනදී කියන්නේ ලෝක දෙකක ඉන්නා දෙන්නෙක් එකිනෙකාට කරන ආදරේ ගැන.

// සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එක ද තරුවක්
සිටිය නොහැකිද යම්

කියන්නේ ඒ නිසා නොවේද?

ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7978927807262919411.post-19160176714139468992018-04-05T20:06:34.899-07:002018-04-05T20:06:34.899-07:00ඔබ ද නිවැරදි විය හැකියි. අර්ථ දැක්වීම් කිහිපයක් හා...ඔබ ද නිවැරදි විය හැකියි. අර්ථ දැක්වීම් කිහිපයක් හා කදිම ට ගැලපෙන තවත් ගීත ගණනාවක් තිබෙනවා. මා අදහස් කරන්නේ මේ ගීතය ඒ අදහස සමග කදිමට ගැලපෙන බව පමණයි. ඇත්තෙන් ම ගේය පද රචිකාවිය මෙය රචනා කරන්නට ඇත්තේ වෙනත් සංකල්පනාවන් මත වෙනත් අදහසක් හැඟෙන පරිදි විය හැකියි. ඕනෑ ම දෙයක් පිළිබඳ ව පූර්ව නිගමනවල නො ඉඳ නිදහස් මනසින් විමසීම මගේ ක්‍රමයයි. ඒ නිසා මට මෙම නිර්මාණය විවිධ දිසාවන් ඔස්සේ දැකිය හැකියි.නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-7978927807262919411.post-29118217484704776992018-04-05T19:43:58.064-07:002018-04-05T19:43:58.064-07:00මේ ගීතයේ ඇත්තේ එවන් අරුතක් නොවේ. හිනා යනවා..... මේ ගීතයේ ඇත්තේ එවන් අරුතක් නොවේ. හිනා යනවා..... ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com