Sunday, December 31, 2017

සුද්දා බිසෝ කොටුව කඩන්න නියෝග කළේ ඇයි?



බන්ධුල සිසිර කුමාර



වේල්ලට කිසිදු හානියක් නොවී මහා ජලාශයකින්, පාලනයක් සහිතව ජලය පිටතට ගැනීමේ තාක්ෂණය ලෝතයට හඳුන්වා දුන්නෙ අප. මේ සඳහා ඉදිකරන ලද ව්‍යූහයට කියන නම තමයි බිසෝ කොටුව කියන්නෙ. ඉංග්‍රීසීන් මුලින් ම අපේ වැව් අමුණු පද්ධතිය වනසා දමනවා. ඒ එතෙක් ශක්තිමත් ව පැවතුණු අපේ පදනම බිඳ දමන්න. පසු කාලයක ඔවුන් ම අපේ මහ වැව් කිහිපයක් අළුත් වැඩියා කරනවා. ඒ යටත් වැසියාගෙ බත සපයා ගැනීමේ කාර්යය ඔහුට ම කර ගන්නට ඉඩ සළසා තමන්ගෙ වැඩ අඩු කර ගන්න. ඒත් එහිදී ඔවුන්, එතෙක් හොඳ තත්ත්වයේ පැවති බිසෝ කොටු එකක් වත් අළුත් වැඩියා කරන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒවා කඩා දාන්න නියම කරනවා. අපේ අනන්‍යතාවය හා අපේ අභිමානය ඒ නිර්මිතයෙහි රැඳී තිබෙන නිසයි ඒ එසේ කරන්නෙ. පාකර් මෙයට විරුද්ධ වුණත් ඔහුට ආණ්ඩුකාරවරයාගෙ නියෝගය ක්‍රියාත්මක කරන්න වෙනවා. මේවා කඩා දැමීමට නොහැකි .තරම් ශක්තිමත් බව ඔහු වරෙක කියනවා.

කෙසේ වුවත් අවසානයේ සිදුවන්නේ එතෙක් පැවැති බිසෝකොටු බොහොමයක් විනාශ කරනු ලැබීමත්, ඉතිරි ඒවා භාවිතයෙන් ඉවත් වීමත්. ඉංග්‍රීසීන් ඒ වෙනුවට ඒ සිද්ධාන්තයම ක්‍රියාත්මත වෙන, එහෙත් ඔවුන් ගේ අනන්‍ය ලකුණ සහිත වෙනත් නිර්මිතයන් ඒ සඳහා ඉදිකරනවා.

ජනතාවගේ අවශ්‍යතාවක් මත නොව දේශපාලකයන් අතලොස්සකගේ පුද්ගලික කෝන්තර හා බල ලෝභය හේතු කොට ගෙන, යුද්ධයකින් කවදාවත් ආක්‍රමණිතයකුට සම්පූර්ණයෙන් යටත් කරගත නොහැකි වූ අපේ රට කුමන්ත්‍රණාත්මක කපටි ව්‍යාජ ගිවිසුමක් මගින් වසර 202 කට පෙර 1815 දී ඉංග්‍රීසීන් විසින් යටත් කර ගනු ලැබුවා. 

ඒ හේතුවෙන් අපට අහිමි වී ගිය බොහෝ දේවල් අතරින් එකක් පමණයි මේ. අනෙක් ඒවාත් ලියන්න ගියොත් මේ ලිපිය බොහෝ දීර්ඝ වේවි. ඒ නිසා ඒවා ගැන පසුව කථා කරමු.

ඔබ සමහරු කියාවි අපට ඔවුන්ගෙන් ලැබුණු දේත් තියනවා නේද කියා. ඒ දේවල් ලැබෙන්නේ යටත් විජිතයක් වුණොත් විතරද? එසේ වෙනවා නම් (දෙවැනි ලෝක යුද්ධයේදී පරාජය බාර ගැනීම හැර) කවදාවත් කාගෙවත් යටත් විජිතයක් නොවුණු ජපානය අද ගල් යුගයේ ද තිබෙන්නේ...?

කවදාද අපගේ මොළය පෑදෙන්නෙ....?

මේ සබැඳියේ ඇති වීඩියෝව බලන්න. බිසෝකොටුව ගැනත්, ඊට සිදු වූ දේ ගැනත් බොහෝ දෑ දැනගත හැකි වේවි.


https://www.youtube.com/watch?v=gh0x5XusJ4M

4 comments:

  1. වටිනා බ්ලොග් එකක් වගේ. අලුතින් නේද ලියන්නේ. දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඔව්, ළඟදි පටන් ගත්තෙ. ස්තුතියි. ඔබගේ ඇගයීම මට ශක්තියක්.

      Delete
  2. වටිනා ලිපියක්! "වැව- උදුළ බණ්ඩාර අවුසදහාමි" , "ලංකාවේ ජල ශිෂ්ඨාචාරය - මහාචාර්ය බස්නායක" පොත් දෙක කියවන්න. බොහෝ විස්තර ඒවායේ තියෙනවා!

    ReplyDelete

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...