Wednesday, November 29, 2017

කහටගහ පතල සිරිලක රන් කොතලේ

බන්ධුල සිසිර කුමාර

අපේ සාහිත්‍යයේ චූල සම්ප්‍රදායට අයත් ප්‍රධාන අංගයක් ලෙස ජන කවිය හැඳින්විය හැකියි. පැල් කවි, නෙලුම් කවි, කරත්ත කවි,පතල් කවි ආදී වශයෙන් කාණ්ඩ ගණනාවකට මේවා වෙන් කළ හැකි වන අතර ඒ ඒ වෘත්තීන්වල යෙදෙන්නන් අතර ඒවා බිහි වී තිබෙනවා. ඔවුන් සිය රැකියාවේ යෙදෙද්දී අසන, දකින, විඳින දේ, රැකියාවට ආවේණික කම් කටොලු, අත්විඳින විවිධ මනෝ භාවයන් ඒවා තුලින් මනාව නිරූපණය වෙනවා මෙහි පහතින් දැක්වෙන පතල් කවි දෙක කහටගහ මිනිරන් පතල ආශ්‍රිත ව බිහි වූ ජන කවි දෙකක්. එක් කවියකින් ඔවුන් එහි රැඳී සිට විඳින දුක් ගැහැට ගැන කියවෙනවා. අනෙක් කවියෙන් පතල හා එහි හිමිකරු ගැන කියවෙනවා. එකල කහටගහ පතල හිමිකරු ව සිටි සර් ජෝන් කොතලාවල මහතා තුලින් කවියා දුටු චරිත ලක්ෂණ ඔහු විස්තර කරන්නේ තරමක හාස්‍යයකුත් ඇති වන පරිදි යි. මේ කවි දෙක දෙදෙනෙකු ලියූ වා විය හැකියි.


මදුරාගොඩට අපි ඇවිදින් විඳින         දුකා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයා      කකා
පණම් විස්ස ණය වෙනකොට හිතට   දුකා
මීට වැඩිය නරකද ගම හිඟා              කකා

කහටගහ පතල සිරිලක රන්      කොතලේ
කහටගහ පතල ලොක්කා ජෝ  කොතලේ
රටට සැර නමුත් අප හට කරයි      ලොලේ
ඊටත් වඩා ගෑණුන් හට කරයි        ලොලේ

2 comments:

  1. මින් පෙර මේ කවි දෙක අහලා නැහැ සර්. ස්තුතියි බෙහෙවින්ම

    ReplyDelete
    Replies
    1. බෝගල පතල් ආශ්‍රිතව ගොඩ නැගුණු පතල් කවි කිහිපයක්ද මා වෙනත් ලිපියක ඇතුලත් කළා. එයත් ඉදිරියේදී ගෙන එන්නම්. ස්තුතියි ඔබගේ ඇගයීමට.

      Delete

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...